Friday, November 13, 2026
HomeNEWSබන්ධනාගාර කිහිපයක් හොරණට

බන්ධනාගාර කිහිපයක් හොරණට

බන්ධනාගාර කිහිපයක් හොරණට

හොරණ ප්‍රදේශයේ ඉදිකරන නව බන්ධනාගාරය තුළ පුනරුප්තාපන මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දැනට වැලිකඩ සහ කොළඹ පිහිටි බන්ධනාගාර වෙනුවෙන් එම නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත බවය.

හොරණ ප්‍රදේශයේ අක්කර 250ක භූමියක ඉදිකරීමට යෝජිත එම නව බන්ධනාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබැලිම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එම අදහස් පළ කළේය.

“ලංකාවේ රිමාන්ඩ් සහ චෝදනාවට වරදකරුවන් වුණ සියලුම සිරකරුවන් ගත්විට 30,000ක් පමණ වෙනවා. එම 30,000 තුනෙන් දෙකකටත් වැඩි ප්‍රමාණයක් රිමාන්ඩ් සිරකරුවන් හැටියට තමයි ඉන්නේ. නමුත් අපේ ධාරිතාව 8,000 – 10,000ත් අතර. ඒ කියන්නේ සියයට 350කින් පමණ අධි ධාරිතාවයක් ඇතුළත තමයි මේ සම්පූර්ණ සිර මැදිරි සංකීර්ණයම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සිරකරුවන්ව සිරගතකරලා සම්පූර්ණයෙන් ජීවිතය අඳුරු කරනවා වෙනුවට ඊට වඩා ඔබ්බට ගිහින් පුනරුත්ථාපනය කර ඔවුන්ව යළි සමාජ ගතකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සිර මැදිරි වෙනස් කරන්නේ කෙසේද යන අදියර උඩ ඉදගෙන දැනට තියෙන ධාරිතාව වගේ 10 ගුණයකින් අපි ගොඩනැගිලි හදනවා. හදලා සිරකරුවන්ට මානසිකව ජීවත්වීමට හැකි වට පිටාවක් හදලා ඔවුන්ගේ මාසික තත්ත්වය වැඩිදියුණු කරලා සමාජ ගතකිරීම සඳහා තමයි අපි උත්සහ කරන්නේ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මෙතන හැදෙනවා. ජාත්‍යන්තර රීතින්වලට අනුව අලුත් ක්‍රමවේදයකට මෙය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.  විශේෂයෙන් මෙයින් වෙන දෙයක් තමයි සම්පූර්ණයෙන් වැලිකඩ හා බොරැල්ල යන ප්‍රදේශ වෙනස් වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img