Saturday, November 14, 2026
HomeNEWSLatest Newsබන්ධනාගාර සිද්ධි ගැන සොයන්න කමිටුවක්

බන්ධනාගාර සිද්ධි ගැන සොයන්න කමිටුවක්

බන්ධනාගාර සිද්ධි ගැන සොයන්න කමිටුවක්

මෑත කාලීනව බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීම සඳහා වහාම කමිටුවක් පත් කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබාදී තිබේ.

අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතීත්වයෙන් යුතුව සාමාජිකයින් තිදෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කරන ලෙස ලේකම්වරියට උපදෙස් ලබාදුන් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම, මාතර බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායාම සහ රැඳවියෙකු මියයාම, වැලිකඩ හා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධින පරික්ෂණයක් සිදුකිරීම මෙම කමිටුව පත් කිරිමේ අරමුණ වෙයි.

එම කරුණු සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර එම කමිටු වාර්තාව සති තුනක් ඇතුළත ලබාදෙන ලෙස ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එම සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණක් පවත්වා යම් අයෙකුඅතින් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව මෙන්ම නීත්‍යානුකූලව පියවරගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img