ජනතා හිතවාදී සංවර්ධන ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට ගෙනයාම බලයට පත්වන ඕනෑම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනතා කැමැත්ත අනුව ආණ්ඩු බලයට පත්වීම හා ආණ්ඩු පෙරලීම සාමාන්‍ය තත්වයක් වුවද ජනතා මුදල් යොදවා සිදු කෙරෙන ව්‍යාපෘති අඩාල කිරීම බලයට පත්වන රජයන් විසින් නොකළ යුතු බව අද (2020.07.18) පෙරවරුවේ කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ පැවති හමුවෙදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වරාය නගර ව්‍යාපෘතිය අතරමඟ නතර කර දමා එම ව්‍යාපෘතිය ආරම්භ කළ අයගෙන් පළිගැනීමට යහපාලන රජය දැරූ උත්සාහයේ අවසාන ප්‍රතිඵලය ලෙස තවත් ඉඩම් අක්කර ගණනාවක් රජයට අහිමි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අවසානයේ යහපාලන රජය පලිගෙන ඇත්තේ ජනතාවගෙන්ම බවයි.
රටක් දියුණු කිරීමට නම් විදුලිය, ජලය, මහාමාර්ග වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාව ලබා යුතු බව හඳුනාගත් සිය රජය ඒ සඳහා ප්‍රමුඛතාවය දුන්නේ සේවය සඳහා කොළඹට ඇදෙන පිරිස් සීමාකර ගම් පළාත්වලම රැකියා අවස්ථා බිහි කිරීමේ අරමුණෙන් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අවසානයේ යහපාලන රජය සමයේ සිදුවූයේ රට සංවර්ධනය නොවී වසර පහක් රට ආපස්සට යාමක් යැයි ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රට සංවර්ධනය කරා ගෙන යමින් ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමේ බැරෑරුම් කාර්යයට ඉදිරියේ බලයට පත්වන සිය රජය සවිමත්ව මුහුණදීමට සූදානම් බවද වැඩිදුරටත් කීවේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
































