බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්
බස්නාහිර පළාත තුළ සිදු වූ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 460 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (23) උදෑසන 06න් අවසන් වූ ගත වූ පැය 24 තුළ අදාළ වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ය.
එහිදී හෙරොයින් සමග 188 දෙනෙකු, ගංජා සමග 106 දෙනෙකු, නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග 102 දෙනෙකු, අයිස් සමග 21 දෙනෙකු සහ වෙනත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සපුගස්කන්ද, මිරිහාන, පෑලියගොඩ, මීගමුව, තලංගම, පමුණුව සහ දොම්පේ යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ය.






















