Wednesday, November 11, 2026
HomeNEWSබස්රථ සේවකයින් බහුතරයක් රැකියාව අතහැරලා -රාජ්‍ය ඇමති දිලුම්

බස්රථ සේවකයින් බහුතරයක් රැකියාව අතහැරලා -රාජ්‍ය ඇමති දිලුම්

සේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඊයේ (01) දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය සඳහා අවසර ලබාදී තිබුණද ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනයක් සිදුව නොමැති බවය.

බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනත් රැකියාවන් සඳහා යොමුවීම එම තත්ත්වයට හේතුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

“දැන් කොළඹ බස්නාහිර අපි හොයලා බැලුවහම ධාවනය වෙන්න ඕනේ බස්රථ 6000ක්. නමුත් බස්රථ 900යි ධාවනය වුණේ. ඒකට හේතුව බස්රථ සේවකයින් බහුතරයක් රියදුරු, කොන්දොස්තර සේවය අතහැරලා වෙනත් රැකියාවලට මේ අය ගිහිල්ලා තියෙනවා. මේ අයට නැවත විශ්වාසයක් නෑ මේ රස්සාවට ආවත් සතියකින් දෙකකින් රට ආපහු වැහුවොත් ඒ අයට තිබුණ එකයි අත ගහපු එකයි දෙකම නැතිවෙයි ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කෙසේවෙතත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්න අවසරයක් දෙන්න විදියක් නෑ. පොලිස්පතිතුමාටත් දැනුම්දීලා තියෙනවා තදබල ලෙස සඳුදා දිනයේ සිට හිටගෙන මගීන් ප්‍රවාහනය කළොත් බස්රථ අත්අඩංගුවට ගන්න, බලපත්‍ර තහනම් කරන්න ඒ වගේම නැවත දැනුම්දෙන තුරු එම බස්රථ පොලිස් භාරයේ තියා ගන්නත් උපදෙස් මේ වන විට අපි පොලිස්පතිට ලිඛිතව යොමුකරන්න සුදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මාර්ග බලපත්‍ර 160කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවා තියෙනවා. තවමත් සක්‍රීය කරලා නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img