Monday, November 9, 2026
HomeNEWSබස් ගාස්තු සංශෝධනය ගැනත් අවධානය

බස් ගාස්තු සංශෝධනය ගැනත් අවධානය

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමත් සමග එම වාසිය ජනතාවට ලබාදීමට හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

පසුගිය දිනවල ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු ද මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි.

පවතින තත්ත්වය හමුවේ බස් ගාස්තු පහත දැමීමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් “අද දෙරණ” ප්‍රධාන බස් සංගම් දෙකෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් ලංකා පෞද්ගිලක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“ඉන්ධන මිල අඩු කිරීම ඉතාමත් හොඳ දෙයක්. ඇත්තෙන්ම මේ වෙලාවේ ඩීසල් හොඳට තිබුණා නම් ඇත්තටම අපිට ජනතාවට ඒ වාසිය ලබාදෙන්න හැකියාව තිබුණා. ආණ්ඩුව මිල අඩුකිරීම වගේම අපිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුත් කඩිනම් කරනවා නම් ඒ වාසිය ජනතාවට ලබාදෙන්න හැකියි.”

සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි.

“විශේෂයෙන්ම රජය විසින් ඩීසල් මිල රු 20කින් අඩු කළොත්, අනිවාර්යයෙන්ම බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4%කින් අඩුවී තිබෙනවා නම් ඩීසල් මිල අනිවාර්යයෙන්ම අපි කිහිප වතාවක් 4%කට වැඩි ප්‍රතිශතයකින් වැඩි වු සෑම විගසම බස් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ වගේම බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව 17 වතාවක් ඉහළ දමා තියෙනවා. තුන් වතාවක් අපි ගාස්තු පහළ දමා තිබෙනවා. ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වශයෙන් බොහෝම පැහැදිලිව කියනවා බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4%ක ප්‍රතිශතයකින් ඩීසල් මිල සංශෝධනය වුණොත් අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයකට අපි යන්න සුදානම්. පැහැදිලිව කියන්න ඕනේ ඒක 4%කින් අඩු හෝ වැඩි වෙන්න ඕනේ.”

පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (17) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පහත හෙළා ඇති අතර ඊට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහත දැමීමට පියවර ගත්තේය.

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද ඔක්ටෙන්  95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ද අඩුකර ඇති බව එම සමාගම් සඳහන් කළේය.

එමෙන්ම ඩීසල් ලීටරයක් රුපියල් 20කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද අඩුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 450ක් වන අතර ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 540ක් වේ.

ඩීසල් ලීටරයක නව මිල රුපියල් 440ක් වන අතර සුපර් ඩීසල් ලීටරයන නව මිල රුපියල් 510ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img