Monday, September 7, 2026
HomeNEWSLatest Newsබ්‍රිතාන්‍ය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනයක්

බ්‍රිතාන්‍ය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනයක්

බ්‍රිතාන්‍ය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනයක්

එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ඊට සම්බන්ධ කණ්ඩායම් විදේශීය රටවල සිට මෙරට තුළ අස්ථාවරත්වයක් හා ගැටුම් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි රජය සතුව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බ්‍රිතාන්‍ය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවන බවට එරට අධිකරණයක් මඟින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,
-උපුටාගැනීම-

“එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව (POAC) විසින් 2020 ඔක්තෝබර් 21 දින ලබා දෙන ලද විවෘත විනිශ්චය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබේ.

තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම තීරණය පැන නගින්නේ, දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, 2000 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා එම සංවිධානයේ පෙරමුණු කණ්ඩායමක් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්ගේ 2019 මාර්තු 8 දිනැති තීරණය අභියෝගයට ලක් කරමින්, 2019 මැයි මාසයේදී එල්ටීටීඊ පෙරමුණු සංවිධානයක් විසින් ගොනු කරන ලද අභියාචනයක් හේතුවෙනි.

තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වකරුවෙකු නොවූ බැවින් එහි දී සෘජුව සම්බන්ධ වී කටයුතු කිරීමට නොහැකි වූ අතර, අඛණ්ඩව සිදු කෙරුණු ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ රජයට සහාය වී තිබේ.

තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව විසින් ලබා දෙන ලද මෙම විවෘත විනිශ්චය, අභියාචනයට අවසර ලබා දෙන අතරම වැඩිදුර නඩු විභාග සඳහා ඉඩ සලසන අතර, එක්සත් රාජධානියේ විමසනු ලබන මෙම නඩුව පිළිබඳ ප්‍රගතිය අඛණ්ඩව ශ්‍රී ලංකා රජය විසින් සමීපව නිරීක්ෂණය කරනු ඇත.

එල්ටීටීඊයේ අවශේෂ කොටස් සහ එහි ත්‍රස්තවාදී මතවාදයට අනුකූල කණ්ඩායම්, ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීමට සහ රට අස්ථාවර කිරීමට කටයුතු කිරීම පිණිස විදේශ රටවල සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලංකා රජය සතුව පවතී. ශ්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාවට මෙන්ම, කලාපයේ ආරක්ෂාවට ද එල්ල වන තර්ජන පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින අතර, ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයින්ට සැමවිටම සහාය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img