Wednesday, November 11, 2026
HomeNEWSබ්‍රෝඩ්ලන්ඩ්ස් උමං මාර්ගයට ජලය පිරවීම ඇරඹෙයි

බ්‍රෝඩ්ලන්ඩ්ස් උමං මාර්ගයට ජලය පිරවීම ඇරඹෙයි

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මැදුරේදී සිදුවිය.

ඒ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම උත්සවයට මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරයයි.

මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලුකොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5කින් යුතු මෙම ප්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැගෙන යෑම සිදුවෙයි.

එමගින් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව මුදාහැරෙන විදුලි නිෂ්පාදනය ගිගා වොට් පැය 126කි.  

මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 97 ක් බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img