Friday, July 17, 2026
HomeNEWSබැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය.

බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය.

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පැවසුවාය.මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වුවාය.ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය.ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, “Clean Sri Lanka“ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ පවතින අනෙකුත් සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට හා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බවද ස්විට්සර්ලන්ත තානාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img