ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණි.
ඒ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
මෙල්බර්න් නුවර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.
ඒ අනුව පිටියට පිවිසි බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 149කි.
බ්‍රිස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් බෙන් ඩකෙට් පන්දු 42කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.
ක්‍රිස් ලින් ලකුණු 28යි.
ලකුණු 150ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ජෝ ක්ලාක් පන්දු 36කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 62ක් රැස් කළේය.
ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 37යි.






















