Monday, August 10, 2026
HomeNEWSබිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකේ.කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් වාර්තා වේ.එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සැලකේ. අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි. මේ අතර බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී අද දිනයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img