Wednesday, November 11, 2026
HomeNEWSබූස්ටර් මාත්‍රාව ගත් පිරිස මිලියන 5 ඉක්මවයි

බූස්ටර් මාත්‍රාව ගත් පිරිස මිලියන 5 ඉක්මවයි

මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ඊයේ (26) දිනයේ දී පුද්ගලයින් 30,253 දෙනෙකු එන්නත් ලබාගැනීමත් සමග එන්නත් ලබාගත් සමස්තය මෙලෙස මිලියන 5 ඉක්මවා ගිය බවය.

මේ අතර මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මාස හතරකට පමණ පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සඳහන් වේ.

ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 604,581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 576,781 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 12,454 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img