Tuesday, November 10, 2026
HomeNEWSමුහුදට වැටුණු ප්‍රබල අමෙරිකානු යානය හිමිකර ගැනීමට චීනයත් පොරයට

මුහුදට වැටුණු ප්‍රබල අමෙරිකානු යානය හිමිකර ගැනීමට චීනයත් පොරයට

අමෙරිකානු හමුදාව සතු තාක්ෂණයෙන් දියුණුම ප්‍රහාරක යානයක් ලෙස F35-C යානය හැඳින්විය හැකිය.

එම ප්‍රහාරක යානයක් පසුගියදා දකුණු චීන මුහුදේ ජාත්‍යන්තර කලාපයේදී අනතුරට ලක්වී මුහුදේ ගිලී ගියේය.

එහි නියමුවා යානාවෙන් එළියට පැන දිවි රැකගත්තේය.

නමුත් මේ වනවිට එම යානය චීන හමුදාවෙන් බේරා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා විය.

එම යානය චීන හමුදාව විසින් ගොඩගතහොත් එහි තාක්ෂණික රහස් උකහාගැනීමට චීන විද්‍යාඥයින් කටයුතු කරතැයි අමෙරිකානුවෝ සැක පළ කරති.

ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇති එම F35-C ප්‍රහාරක යානය, USS කාර්ල් වින්සන් නෞකාවේ සිට ගුවන්ගත කිරීමට උත්සාහ දරන විට ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මුහුදට කඩා වැටුණි.
    
එහිදී නෞකාවේ කාර්යමණ්ඩලයේ 7 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වුණි.

ජාත්‍යන්තර මුහුදු කලාපයකදී මෙවැනි අනතුරක් සිදුවූ විට එය පළමුවෙන් සොයාගෙන ගොඩගත් පාර්ශ්වයට එහි භාරකාරීත්වය ලැබේ.

එය ගොඩගැනීමට කුමන පියවරක් ගන්නේද යන්න සමබන්ධයෙන් අමෙරිකානුවන් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.

දකුණු චීන මුහුද ජාත්‍යන්තර වශයෙන් මත ගැටුමකට පාදක වූ කලාපයකි.

එය සම්පූර්ණයෙන් තමන් සතු බව චීනය පවසයි.

නමුත් අනෙක් ලෝක බලවත්තු එය පිළිනොගනිති.

ආරක්ෂක උපදේශකයෙක් වන අබි ඔස්ටෙන් පැවසුවේ යානය ගොඩගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවය. 

නැතහොත් එහි “කළු පෙට්ටිය” අක්‍රිය වී යානය සොයාගැනීම අපහසු විය හැකි බව ඇයගේ මතය විය.

“මෙය සොයා ගැනීම අමෙරිකාවට වැදගත්. F-35 යානය පියාඹන පරිගණකයක් වගෙයි. එය නිමවා තිබෙන්නේ අනෙකුත් සම්පත් හා සම්බන්ධයි. විශේෂයෙන්ම ප්‍රහාරක බලඝන සමග.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img