බූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල නායකයින්ගෙන් ජනපතිට මරණ තර්ජන.
බූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල නායකයින්ගෙන් ජනපතිට මරණ තර්ජන. බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධ කරුවන් වන කොස්ගොඩ තාරක පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ අනුව සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ උදෑසන බන්ධනාගාර මූලස්ථානයට පැමිණ ඉහළ නිලධාරීන්ගෙන් ප්රකාශ ලබාගෙන ඇත. කොස්ගොඩ තාරක හික්කඩුව පොඩි ලැසී රිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයන්පිරිසක් තමන් බූස්ස බන්ධනාගාරය යැවීම ගැන විරෝධය පාමින් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ ගැන සොයා බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ජුනි 26 වනදා බූස්ස බන්ධනාගාරයට ගොස් තිබේ. එහිදී ජනාධිපති ,ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් තමන්ට ලොකු නැති බවත් අවි ආයුධ හා සාමාජිකයින් සමග තම ජාලය තාමත් ක්රියාත්මක බවත් කියමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන කරමින් තාරක, ලැසී ඇතුළු පිරිස කලහකාරී ලෙස හැසිරී තිබෙන බවද වාර්තා වේ.






















