බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව තුන්දූව මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා සඳහන් කළේය.
මීට පෙර එම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණේ ආසාදිතයින් 13 දෙනෙකු පමණයි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 362 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සිදුකර මෙම ආසාදිතයින් 41 දෙනා හඳුනාගැනුණි.
දැනට තුන්දූව ග්‍රාම නිලධාරී වසමට සංචරණ සීමා පනවා තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වන වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා,
“මේක දකුණු පළාත හා බස්නාහිර පළාත අතර සීමාව වන නිසා සංචරණය අතරතුර රෝගය පැමිණීමක් සිදුව ඇති බව සැකකරනවා. “






















