රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වන කාලයේ බොන වතුරු ටිකවත් අපහසුතාවයකින් තොරව භාවිතා කරන්න අවස්ථාව සලසා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකදීය.
රට බංකොලොත් වුණාට පසුව ජනතාව ඉතා අමාරුවෙන් ජීවත් වන බවත් බොහෝ පිරිසක් වේලක් හැර වේලක් ආහාර ගන්නා බවත් තවත් පිරිසක් එක වේලක් අමාරුවෙන් පිරිමහ ගන්නා බවත් අලවතුවල මහතා සඳහන් කළේය.
පාසල් දරුවන්ගෙන් සියයට 20 ක් පමණ උදේ ආහාරය නොමැතිව පාසලට පැමිණෙන බව විදුහල්පතිවරු සහ ගුරුවරු පවසන බවත් ඒ මහතා කීය.
මේ වනවිට ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩා වැටී ඇති බවත් රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති බවත් ඉදිකිරීම් ක්ශ්‍රේෂත්‍රය මුලු මනින්ම කඩා වැටී ඇති බවත් අලවතුවල මහතා පැවැසීය.
රජය කටයුතු කරන්නේ ජනතාව ජිවත් කරවන්නද ? නැත්නම් ඉන්න තැනින් තවත් පහළට ඇද දමන්නට දැයි ද ඒ මහතා හෙතෙම පැවැසීය.
රජයේ රෝහල්වලට යන ජනතාව අඩු වී ඇති බවත් විෂ බෙහෙත් ගෙන්වීම හේතුවෙන් ජීවිත ගණනාවක් මේ වනවිට අහිමී ඇති බවත් මේ වගේ තත්ත්වක් තුළ නිදහස් සෞඛ්‍ය භාවිතා කරන්න ජනතාව බිය වී ඇති බවත් අලවතුවල මහතා සඳහන් කළේය.
අස්වැසුම වැඩසටහනට නිසි වැඩපිළිවෙලක් නොමැති නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉස්සරහ විශාල ජනතාවක් පෝලිම් වල සිටින බවත් මේ නිසා ජනතාව විශාල අපහසුතාවයකට ලක්වී තිබෙන බවත් ජනතාව මේ ආකාරයට දිගු පෝලිම්වල තියන එක ගැන ආණ්ඩුව ලැජ්ජ විය යුතු බවත්
අස්වැසුම වැඩසටහනට පිළිබඳවද අදහස් දක්වමින් අලවතුවල මහතා පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරන බවත් රජය රට ඉස්සරහට ගෙනියන්න ගන්න ක්‍රියාවලියේදී සමගි ජන බලවේගය සහය දෙන බවත් ජේ. සී. අලවතුවල මහතා වැඩිදුරටත් පැවැසීය.
කෙහෙළීය රඹූක්වැල්ලට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවේ මැති ඇමැතිරුන්ගේ සහය බලාපොරාත්තු වන බවද අලවතුවල මහතා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.






















