ගරු ආණ්ඩුකාරතුමාගේ සිව් වර්ෂ පූර්ණයට සමගාමීව ඔහුගේ ගම් ප්‍රදේශය වන අකුරැස්ස මලිදූව ග්‍රාමයට ආසන්න බෝලියද්ද ගමේ දිගිලි ඇල හරහා වැටී තිබුණු අබලන් වූ පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීම සදහා මුල් ගල් තැබීම 2023/11/30 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.වසර 04 ක් තිස්සේ ගම්වාසීන් අතර සහ පාලම සාදන නෙදර්ලන්ත අනුබද්ධ ෆෝසයිට් සමාගම අතර ඇතිවූ ගැටළු කීපයක් නිසා දිනෙන් දින පාලම සෑදීම ප්‍රමාද වූ මොහොතක ගරු ආණ්ඩුකාරතුමාගේ සෘජු මැදිහත්වීම මත සමාගමේ හිමිකාරත්වය (ෆෝසයිට්) සමග සිදු කරන ලද දුරකථන සාකච්ඡාවක ප්‍රතිඵල මත මාස 06 ක් වැටි කෙටි කාලයක් තුළ නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර මත පාලම ඉදිකිරීමට නියමිතය.අබලන් පාලම ඉවත් කිරීම නිසා කොහුගොඩ, ඉහළ මලිදූව ගමට පිවිසීමට සහ පිටවීමට මාර්ගයක් නොමැති නිසා ඒ සදහා විකල්ප මාර්ගයක් ලෙස දැල්ඔරුව මැද මලිදූව මාර්ගය කොරි පස් යොදා ඉක්මනින් සංවර්ධන කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාට ගරු ආණ්ඩුකාරතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.මෙම අවස්ථාවට වැඩමවා වදාළා පුවක්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ප්රමුඛ වරක් ප්රමුඛ මහා සංඝරත්නය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගරු සභාපති හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතා, දකුණු පළාත් සභා හිටපු ගරු මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික ලේකම්තුමා, හිටපු ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී චමින්ද මහතා, කොට්ඨාසය සංවිධායක අරුණ දේශප්‍රිය මහතා, අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන්, මලිදූව ග්‍රාමසේවක මහත්මිය,ගම්වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















