Wednesday, November 11, 2026
HomeNEWSභාණ්ඩ මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ

භාණ්ඩ මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ

ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.

මිල ඉහළ පහල යාමට තිරසාර විසඳුමක් ගෙන ඒමට කිසිදු රජයකට හැකියාවක් නොලැබුණු බව මුදල් අමාත්‍යවරයා පැවසුවේය.

ඒ සඳහා කරුණු කිහිපයක් ඉවහල් වී ඇති බව මුදල් අමාත්‍යවරයා කීය.

“පරිභෝජන රටාව වෙනස් වීම, නිෂ්පාදන ඵලදායිතාව ප්‍රමාණවත්ව වැඩි නොවීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ ගැටලු, නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවීම, නූතන තාක්ෂණයට අනුගත වීම, අතරමැදියන්ගේ ගැටලු ඒ සඳහා ප්‍රබල බලපෑමක් එල්ලකර තිබේ.”

බලශක්ති අර්බුද වැනි අභ්‍යන්තරව පාලනය කළ නොහැකි කරුණු හේතුවෙන්ද භාණ්ඩ මිල ඉහළගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් මිල පාලනයට ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.

ඒ සඳහා මැදි හෝ දිගුකාලීන විසඳුම් ලබාදිය යුතු බව තම විශ්වාසය බව මුදල් අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර සමාජ ක්‍රියාකාරීන් ලෙස වෙස්ගත් බලවේග රටට වින කරමින් ක්‍රියාත්මක වන බව ද  මුදල් අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා ඔවුන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img