Thursday, July 23, 2026
HomeNEWSLatest Newsමගේ මහත්තයා නැතුව පවුලක් නෑ - ඝාතනය වූ රන්ජන් ද සිල්වාගේ බිරිඳ

මගේ මහත්තයා නැතුව පවුලක් නෑ – ඝාතනය වූ රන්ජන් ද සිල්වාගේ බිරිඳ

මගේ මහත්තයා නැතුව පවුලක් නෑ – ඝාතනය වූ රන්ජන් ද සිල්වාගේ බිරිඳ

තම සැමියා ඝාතනයට සම්බන්ධ වු ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රන්ජන් ද සිල්වා මහතාගේ බිරිඳ එම පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වු නිලධාරීන්ට සිය ස්තූතිය පළ කළාය.

තම සැමියාව ඝාතනය කිරීමෙන් පසු තමා ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ඇය පැවසුවාය.

“අද දෙරණ“ට අදහස් පළ කළ රන්ජන් ද සිල්වා මහතාගේ බිරිඳ,

“ඇත්තටම මම දෙවියන් කෙරෙහි ගොඩාක් ස්තූතිවන්ත වුණා. මේ රජයටත්, ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් මේ වගේ කටයුතු ක්‍රියාත්මක කරනවාට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. නීතිය ගැන රජය ගැන ගොඩාක් විශ්වාසයි. මොකද මෙයා විතරක් නෙමෙයි තවත් ඇල්ලුවානේ. ඉතුරු අයත් අල්ලලා මේ රට හොඳ රටක් කරන්න කියලා අපි ඉල්ලන්නේ. මොකද අද මම ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මගේ මහත්තයා නැතුව පවුලක් නෑ. මම තනියෙන් අද ගෙදර ඉන්නේ. දරුවෝ කවුරුත් නැ. මේකට සම්බන්ධ ඉතුරු අයත් අල්ලලා කරන්න තියෙන දේවල් කරන්න කියලා වැදලා කියනවා. “

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවූ රන්ජන් ද සිල්වා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා අබුඩාබියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් මැයි මාසයේදි මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තබා අලාභ හානි කිරීමට සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණි.

ඉකුත් මැයි මස 19 වැනිදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ලක්මැදුර හෝටලයට කිසියම් පිරිසක් පහරදී තිබූ අතර මැයි මස 28 වැනිදා එම හෝටලය අසළට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඒ දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි.
        
අදාළ වෙඩි තැබීමේ සිදුවීමෙන් මිනිත්තු කිහිපයකට පසුව ඩුබායි හි සිට දුරකථන ඇමතුමකින් අදාළ හෝටල් හිමිකරුට කිසියම් පුද්ගලයෙකු මරණීය තර්ජන එල්ල කළේය. ‍

මෙම සිදුවීමට අදාළව ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර ඔහුගේ මැදිහත්වීම මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගත්තේය. 

එම වරෙන්තුව අන්තර්ජාතික පොලිසියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ධර්මසිරි පෙරේරා නමැත්තාට එරෙහිව අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කළේය

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අබුඩාබි පොලිසිය විසින් ඉකුත් නොවැම්බර් 29 වැනිදා ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් බව නිවේදනය කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් ධර්මසිරි නමැත්තා 2018 වසරේ මැයි මස 24වැනිදා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා ඝාතන සිද්ධිය මෙහෙයවූ තැනැත්තා ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම අත්අඩංගුවට පත් ධර්මසේන පෙරේරා නමැත්තා තවත් පුද්ගල ඝාතනය රැසක් සැලසුම් කිරීම, තියුණු ආයුධ භාවිතයෙන් තුවාල සිදුකිරීම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පොලිසිට අවශ්‍යව සිටි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img