Friday, May 1, 2026
HomeNEWSLatest Newsමතට ඇබ්බැහි වු කොස්තාපල්

මතට ඇබ්බැහි වු කොස්තාපල්

මෙරටට කේරළ ගංජා රැගෙන එන ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති, පසුගිය දා “වැල්ලේ සාරංග” නමැති පාතාල සාමාජිකයා සමග රටින් පලායාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් “ඉෂාර ලක්මාල්ගේ” ගෝලයෙකු නවගමුව පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

“විතානගේ ගයාන් හේමන්ත” නැමැති සැකකරු වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 03ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ සුඛෝපභෝගී වාහන 03ක් සහ රුපියල් 69,300ක මුදලක්ද සමගිනි.

මේ අතර සුරියවැව පොලීසියට අනුයුක්තව සේවය කොට, වැඩ තහනමට ලක්ව සිටින කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 270ක් සමගින් හබරාදුව පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගැනුණි.

ඒ කොග්ගල “සිංහ” ධීවර ගම්මානයේදිය.

සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙක් වන අතර ඔහු එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img