Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ජනපති පෙන්වා දෙයි

මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ජනපති පෙන්වා දෙයි

කොවිඩ් නයින්ටීන් වසංගතය, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සනාථ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට බොහෝ රෝහල්වල පාලනය පළාත් සභාවලට පවරා තිබුණ ද සෞඛ්‍ය අර්බුදයකදී පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරීත්වය යටතේ පවතී.

සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට සම්පූර්ණයෙන්ම පවරා තිබුණේ නම් කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ මෙරට දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාවය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇතැම් කාර්යයන් විෂයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වා ගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත් අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බව ජනාධිපතිවරයා පවසයි.

කැළණිය, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ අද (05) ආරම්භ වූ වැඩමුළුවක ආරාධිත දේශනය සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680 ක් එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img