Friday, April 17, 2026
HomeNEWSLatest Newsමන්ත්‍රී එරාන්ගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

මන්ත්‍රී එරාන්ගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

මන්ත්‍රී එරාන්ගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන  අපරාධකරු වන සහරාන්ගේ බිරිඳ විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක කරුණු පදනම් කරගමිනින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් 2020.11.12 වන දින පැවැත් වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මන්ත්‍රීවරයා විසින් සඳහන් කර ඇත්තේ, සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ලැබුණු ආකාරය, ඔහුගේ බිරිඳ වන ෆාතිමා හාදියාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව හා ඇය තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමක් ගැන යැයි පොලීසිය පවසයි. 

බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ ඇය කිසිම ආකාරයට තංගල්ල බන්ධනාගාරයේ රඳවා ගැනීමක් සිදුනොකළ බව යැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මාධ්‍ය සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා විසින් ඉහත කරුණු අවිනිශ්චිත හා මතබේදාත්මක කරුණු සම්බන්ධයෙන් විමසීමක් කර ඊයේ (16) සවස 2.30 සිට පැය 4ක කාලයක් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img