Friday, October 30, 2026
HomeNEWSමරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින්...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය‍, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බව ඔහු එහිදී පැවසුවා.

එසේම මාස දහයක් තුළ සිදු කරන ලද අධ්‍යනයකින් පසුව එම කමිටු වාර්තාව භාර දී ඇති බවයි අමාතයවරයා සඳහන් කළේ.

ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එම කමිටුව විසින් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ තුළින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යාමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img