Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු

පාදුක්ක හා හෝමාගම ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ජාලය හඳුනාගැනීමට පාදුක්ක පොලීසිය සමත් වී තිබේ.

ඒ අනුව, එම ජාලයේ පුද්ගලයන් සිව් දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක්ද හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය. 
 
පාදුක්ක පොලීසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 10 ක් ද සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම එහි ආරම්භය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ සුදත් ප්‍රියදර්ශන නමැති 27 හැවිරිදි අයෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පාදුක්ක පොලීසිය විසින් අදාළ පුද්ගලයාට හෙරොයින් විකිණූ ප්‍රදීප් තුෂාර හෙවත් “බත් ඇටයා” නම් පුද්ගලයාව ද හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව බත් ඇටයාගෙන් ලබාගත් තොරතුරු අනුව පාදුක්ක පොලීසිය විසින් කොළොන්නාව කැප්පිටිපොල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ චානක ප්‍රසාද් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ත්‍රී රෝද රථයක් යොදාගනිමින් හෙරොයින් ප්‍රවාහනය  සිදුකරන අයෙකි.

පසුව පොලීසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කොලොන්නාව දූවවත්ත ප්‍රදේශයේදී ජගත් ජයලාල් නම් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් කිලෝවක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයා සතුව තිබී කාර් රථයක් හා ත්‍රී රෝද රථ 02 ක් පොලීසිය  සිය බාරයට ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු ජාලගත සබඳතා හඳුනාගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඊයේ (17) හඳුනාගත් එම ජාලයේ තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනබව බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img