මහ කන්නයේ වී මිලදී ගැනීම හෙට ඇරඹේ
මහ කන්නයේ වී මිලදී ගැනීම හෙට (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හෙට පස්වරු 3.30ට පමණ අම්පාර, අක්කරේයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකිර්ණයේදී මහ කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක වැඩසටහන පැවැත්වේ.
ඒ අනුව, ප්‍රමිතිගත සම්බා වී, තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 52 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 44 බැගින්ද මිලදි ගැනීමට නියමිතය.
ප්‍රමිතිගත නාඩු වී, තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 50 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 46 බැගින්ද මිලදි ගැනීමට අනුමැතිය හිමිව තිබේ.






















