Thursday, April 16, 2026
HomeNEWSමහ මොළකරු පොත හොරකම් කරලා- ගම්මන්පිල

මහ මොළකරු පොත හොරකම් කරලා- ගම්මන්පිල

2026 අප්‍රේල් 3 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

මහ මොලකරු පොත ශානි සොරකම් කරලා

“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නමින් පොතක් පසුගිය මාර්තු 31 දා මම නිකුත් කළා. පොත් නිකුතුව අතරේ දී ශාලාවේ සිටි සාතිශය බහුතරයකට මගේ පොත යැයි දැක්වෙන ව්‍යාජ පොතක් පීඩීඑෆ් පොතක් ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් ලැබී තිබුණා. එම පොත සැබෑ පොතෙන් 70%ක් පමණ සම්පූර්ණ කර තිබුණු අවස්ථාවේ කෙටුම්පතක් භාවිතා කර සකස් කරන ලද ව්‍යාජ පොතක්.

මගේ පොතේ කෙටුම්පත් අවස්ථා තුනක දී තුන්වන පාර්ශවයන්ට දුන්නා. පළමු එක දුන්නේ පෙබරවාරි 22 දා හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතාට. බුද්ධි මෙහෙයුම් ගැන මේ පොතේ තිබෙන නිසා ඔහුගේ අදහස් ලබා ගන්න මට ඕනෑ වුණා. දෙවැනි එක දුන්නේ මාර්තු 10 දා මහචාර්ය රොහාන් ගුණරත්නට. ඒ පොතට පෙරවදනක් ලියා ගන්න. තුන් වන පිටපත මාර්තු 21 දා පොත මුද්‍රණය කළ සරසවි ප්‍රකාශකයින්ට.

මේ පිටපත් තුනෙන් ව්‍යාජ පොත සකස් කිරීමට පදනම් කරගෙන තිබෙන්නේ සුරේෂ් සලේ මහතාට ලබා දුන්නු පොත. මේ එකිනෙකාට පොත දෙන්නේ අවස්ථා තුනක දී. ඒ නිසාම කෙටුම්පත් තුනක්. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගත්තාට පස්සේ ඔහුගේ නිවස රහස් පොලිසිය පරික්ෂා කළත් නිවසෙන් කිසිම දෙයක් ගෙන ගිහින් තිබුණේ නෑ. මම සුරේෂ් සලේ මහතාගෙන් වක්‍ර ආකාරයකින් පොතේ කෙටුම්පත ගැන විමසුවා. ඔහු මට කිව්වේ තමන්ව අත්අඩංගුවට පත් වන අවස්ථාවේ තමන්ගේ ගමන් මල්ලේ තිබුණා. දැන් ඒක රහස් පොලිසිය භාරයේ කියලා.

රහස් පොලිසිය භාරයේ තිබුණු බුද්ධිමය දේපලක් සොරකම් කරලා නම් ඒකේ වගකීම ගන්න ඕනෑ රහස් පොලිසියේ ලොක්කා ලෙස ශානි අබේසේකර මහතා. බුද්ධිමය දේපල සොරකම් කරලා විතරක් නොවේ ඒක භාවිතා කරලා ව්‍යාජ පොතක් හදලා. ඔය බෙදා හරින්නේ මගේ පොත නොවේ. ඒකේ මුල් අවස්ථාවක කෙටුම්පතක් භාවිතා කරලා සකස් කරපු ව්‍යාජ පොතක්. ඒක කූට ලේඛණයක්. කූට ලේඛණ සෑදීම කියන්නේ වසර තුනකට සිර දඬුවම් ලැබිය හැකි වරදක්. තමන්ගේ භාරයට ලැබුණු දෙයක් අවභාවිතා කිරීමත් ඒ වගේම සිර දඬුවම් ලැබිය හැකි වරදක්. ඊට අමතරව මට වන්දි ඉල්ලා සිවිල් නඩුවක් පැවරීමේ හැකියාවත් තිබෙනවා.

ඒ වගේම ව්‍යාජ පොතක් සමාජ මාධ්‍ය වල බෙදා හැරීමත් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. කවුරු හරි මගේ පොත ලෙස දැක්වෙන ව්‍යාජ පොත සමාජ මාධ්‍ය තුල බෙදා හරිනවා නම් ඒක දඬුවම් ලැබිය හැකි වදරක්. මම මේ ගැන අද රහස් පොලිසියට පැමිණිලි කරන්නේ නෑ. පැමිණිලි කරලා වැඩක් නෑ. මොකද විමර්ශකයා ද සැකකරුවා ද දෙන්නාම ශානි අබේසේකර මහතා. මේක හරියට බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්. හැබැයි හැමදාම මාලිමාව බලයේ ඉන්නේ නෑ කියන එක වැරදි කරන අය තේරුම් ගන්න ඕනි. ඉදිරි වසර 20 තුළම මට මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා නඩු පැවරීමට නීතියෙන් ඉඩ තියෙනවා. හෙටම ගිහින් පැමිණිලි කරන්න ඔන කියලා දෙයක් නෑ අපරාධමය වරදක් පිළිබදව වසර 20ක කාලයක් තුළ අපිට පැමිණිලි කරන්න පුළුවන්. හැබැයි එච්චර කල් නම් ඉන්න වෙන්නේ නෑ මේ යන විදියට නුදුරු අනාගතයේම මට පැමිණිල්ල කරන්න මට අවස්ථාව ලැබෙනවා.

වට්ස්ඇප් හරහා බෙදා හැරිය අය කවුදැයි පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්. මට ව්‍යාජ පොත එවූ අයට පුළුවන් තමන්ට එව්වේ කවුද කියා විමර්ශකයින්ට කියන්න. ඒ අයට පුළුවන් තමන්ට එව්වේ කවුදැයි කියන්න. තමන්ට ලැබුණු විධිය පැහැදිලි කරන්න කාට හරි බැරි නම් ඒ තමයි වට්ස්ඇප් වලට ව්‍යාජ පොත එකතු කරපු පුද්ගලයා. ව්‍යාජ පොතක් සකස් කිරීම, එය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීම, රහස් පොලිසිය කොහොමත් මේකට වැරදිකරු වෙනවා.

විදේශගතව සිටින නීතිඥයෙකු කියන ඩෝබි බලකායේ සාමාජිකයෙක් පොත් නිකුතුව කරන්නත් කලින් මේ පොතේ ව්‍යාජ පිටපතක් තමන්ගේ සමාජ මාධ්‍යයට එක් කළා. ඒ කියන්නේ ඔහු නීතිඥයෙකු ලෙස පෙනී සිටියත් නීතිය දන්නේ නෑ වගේ. ලෝකයේ මොන මුල්ලක ජීවත් වුණත් මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන ප්‍රතිඥාව අපි දෙනවා. ඔහු ඇත්තටම නීතිඥයෙකු නම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුගේ නීතිඥ භාවයත් අහෝසි කරවන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img