මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.
ඔහු පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවූ සියලුම කොවිඩ් ආසාදිතයින් මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බවය.
එසේම මේ දක්වා පවුල් 339ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද ඔහු පැවසීය.
මේ අතර ඊයේ (05) දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383 සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,096කි.






















