Saturday, October 31, 2026
HomeNEWSමාධ්‍ය හමුවෙන් පසු ප්‍රා ස මන්ත්‍රීට ප්‍රහාරයක්

මාධ්‍ය හමුවෙන් පසු ප්‍රා ස මන්ත්‍රීට ප්‍රහාරයක්

රාගම හීන්කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වෙල්යායක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කැලණිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා වටලා තිබුණි.

එම නිවසේ හිමිකරු වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු වන නීල් ඉන්දික මහතාය.

ඔහුගෙන් මේ පිළිබඳ නිලධාරීන් විමසූ අවස්ථාවේ දී ඔහු පවසා තිබුණේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.

මේ අතර වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රොෂාන් තිරිමාන්න මහතා ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා එල්ලවී සිටින මන්ත්‍රිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කළේය.

එම මාධ්‍ය හමුවෙන් පසු රොෂාන් තිරිමාන්න මන්ත්‍රීවරයාට ඊයේ රාත්‍රියේ සිය නිවසේ දී ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

ඔහු පවසන්නේ නීල් ඉන්දික මන්ත්‍රීවරයා, ඔහුගේ පුත්‍රයා සහ තවත් ඥාති පුත්‍රයෙකු සමග පැමිණ එලෙස පහරදුන් බවය.

පහර කෑ මන්ත්‍රීවරයා මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

පහරදුන් බවට චෝදනා එල්ලවන නීල් ඉන්දික මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා වත්තල පොලීසිය විසින් අද (15) අත්අඩංගුවට ගැනුණු අතර වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img