මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන පුතා විසින් තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කළ සිද්ධියක් රිදීගම, පනාගමුව ප්රදේශයෙන් වාර්තා වෙයි.
ඊයේ (14) සවස් කාලයේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ, 62 හැවිරිදි ගෝපාල, පනාගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ මියගිය පුද්ගලයාගේ 32 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර බෝගස්වැව පොලිස් වසමේ 17 වන පටුමග ප්රදේශයේදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මිගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 26 හැවිරිදි බෝගස්වැව 02 ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ප්රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෝගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















