Thursday, September 24, 2026
HomeNEWSමාරක රිය අනතුරක් - මවක් සහ දරුවෙක් මරුට

මාරක රිය අනතුරක් – මවක් සහ දරුවෙක් මරුට

මාරක රිය අනතුරක් – මවක් සහ දරුවෙක් මරුට

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් තිබේ.

ඊයේ (15) සවස 6.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති බවද පොලීසිය පවසයි. 

කැබ් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.

මේ අතර පසුගිය 04 වනදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ගාලු පාරේ පදික මාරුවක් මතදී යතුරුපැදියක ගැටීමෙන් දැරියන් දෙදෙනකු මියගිය අතර ගැබිනි මවක් බරපතළ තුවාල ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට......! කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් ආරම්භ කර ඇති කොලොන්නාව වැසි ජල අපවහන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img