Saturday, September 12, 2026
HomeNEWSමාර්ගගත ක්‍රමයෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දිනයක් ලබා ගැනීමේ කටයුතු 6...

මාර්ගගත ක්‍රමයෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දිනයක් ලබා ගැනීමේ කටයුතු 6 වනදා සිට.

මාධ්‍ය නිවේදනයයි,විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරි දිනයක් ලබා ගැනීමට පහසු වෙන පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙන නව මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද දින (04) පැවැත්විණි.එම අවස්ථාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය විසින් පලකල අදහස් පහත දැක්වේ.* ” ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මාර්ග ගතකාමය හරහා දිනයක් ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ පැවති ක්‍රමවේදය විවිධ හේතූන් නිසා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්විය.ඒ අතර වාරයේදී දෙපාර්තමේන්තුව සතු විදේශ ගමන් බලපත්‍ර තොගය සීමා වීමේ හේතුවෙන් ඉල්ලුමට සරිලන ආකාරයේ මහජනතාව වෙත ගමන් බලපත්‍ර ලබාදීමේ අපහසුතාවයක් පැන නැගුණු අතර ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලදී.එම උද්ගත වූ තත්ත්වය තුළදී ගමන් බලපත්‍රයක් සකසා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉදිරි දිනයක් ලබා ගැනීමට සිදුවීමෙන් මහජනතාවට අපහසුතාවයට හා පීඩාවට පත්වීමට සිදුවූ බව දෙපාර්තමේන්තුවට නිරීක්‍ෂණය විය.මහජනතාව වෙත වඩාත් පහසු සේවාවක් ලබාදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා විවිධ අත්හදා බැලීම් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පහත දැක්වෙන මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමට තීරණය කරනන ලදී .ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස “විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන සබැඳියට පිවිසීම තුළින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත හැක.මෙම මාර්ගගත ක්‍රමවේදය 2024.11.06 දින සිට ආරම්භ කෙරේ.ඒ හේතුවෙන් දිනයක් වෙන් කර ගැනීමේ අපේක්ෂාවෙන් මින් ඉදිරියට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ .අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පරිගණක යන්ත්‍රයකින් හෝ ජංගම දුරකථනයකින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාව වෙත ඇති බැවින් කිසිදු වෙනත් ආයතනයක් හෝ පාර්ශවයක් වෙත මුදල් ගෙවීමෙන් වළකින ලෙස අවධාරණය කරන අතර නීත්‍යානුකූල නොවන ලෙසට මාර්ගගත ක්‍රමවේදයට ප්‍රවිෂ්ට වීමට උත්සාහ කිරීමෙන් දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව තවදුරටත් ප්‍රමාද වීමට ඒ හේතුවක් වන බවද ප්‍රකාශ කෙරිණි.දිනයක් වෙන් කර ගැනීමේදී ඇතිවන තාක්ෂණික ගැටලුවලට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දුරකථනය වන 1919 හරහා පිළිතුරු ලබාගත හැකි අතර, ඉතා නුදුරු දිනකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු තොරතුරු කේන්ද්‍රය වන 1962 හරහාද මෙම නව මාර්ගගත ක්‍රමවේදය පිළිබඳ ඇති වන ගැටලු විමසිය හැක. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img