රිය අනතුරු පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ දී අමාත්‍යාංශ බලධාරීන් සමග අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.
පසුගිය දිනවල බහුලව මාර්ග අනතුරු සිදුවූ අතර එම තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බව ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.
ගිය සතියේ අලව්වේ දී සිදුවු රිය අනතුර සම්බන්යෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාව දැනුවත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මාර්ග නීතිරීති පිළිබඳව තම අමාත්‍යාංශයට වගකීමක් ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා ගත යුතු ක්ෂණික විසඳුම් ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.






















