Friday, May 22, 2026
HomeNEWSමාලිමාව දුන් පොරොන්දුවලින් ඉටු කරලා තියෙන්නේ 5%යි, ඒකත් බදු ගැහිල්ල විතරයි...

මාලිමාව දුන් පොරොන්දුවලින් ඉටු කරලා තියෙන්නේ 5%යි, ඒකත් බදු ගැහිල්ල විතරයි -හර්ෂණ

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,‘‘අනුර දිසානායක මහතා ජනාධිපතිධුරයට පත්වෙලා මාස 10 ක් වනවා. ඒ වගේම අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයේදී ජනතාවට විශාල බලාපොරොත්තු රැසක් ලබාදෙන්න කටයුතු කළා. අනුර දිසානායක මහතා ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙනුත් , මැතිවරණ වේදිකාවලදීත් නොයෙකුත් පොරොන්දු ජනතාවට ලබාදෙන්න කටයුතු කළා. ඒ වගේම වෙරිටේ රිසච් ආයතනය අනුර දිසානායක මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබාදුන්න පොරොන්දු පිළිබඳව ප්‍රගතිය පිළිබඳව සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ජනතාව රැවැට්ටුවා කියන කාරණය මෙම සමීක්ෂණයෙන් පැහැදිලි වෙනවා. වෙරිටේ රිසච් ආයතනය සකස් කළ ‘අනුර මීටර්‘ යනුවෙන් මාර්ගගත යෙදවුමක් සකස් කර තිබෙනවා. ඒ වගේම මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියේ ඇති කරුණු වලින් ඉටුකර තිබෙන්නේ සියයට 5 ක් බව ‘අනුර මීටරය‘ නම් යෙදවුමේ සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ වනතුරු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු වලින් සියයට 95 ක් ඉටු කර නැහැ. ඒ වගේම සියයට 5 ට අයත් වෙන්නේ බදු වැඩි කිරීම පමණයි. ඒ අනුව ආණ්ඩුව ප්‍රකාශ කළාටත් වඩා වැඩියෙන් බදු වැඩි කිරීම සිදුකරලා තිබෙනවා. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන වැදගත් කරුණු කිසිවක් ඉටු කිරීමට කටයුතු කරලා නෑ. ඒ වගේම රටේ දරුණු ලෙස පතාල ක්‍රියාකාරකම් වැඩි වෙලා තිබෙනවා. රරටේ පාතාල ක්‍රියාකාරකම් සිදුවන්නේ දේශපාලන ක්‍රියාකාරකම් හරහා බව ටේ සිදුවන පතාල ක්‍රියාකාරකම් පිළිබඳ විපක්ෂය දිගින් දිගටම ප්‍රශ්න කරනවිට ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ අනුව ආණ්ඩුව ප්‍රකාශ කරන දේශපාලඥයින් නම් කොට වහාම ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ සිදුවන සෑම දෙයකටම පසුගිය ආණ්ඩු වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ඒවා යටගැසිමට උත්සහ නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැලේසියාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වුණා. ඒ වගේම අපරාධ කල්ලි සාමාජිකයන්වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ අත්අඩංගුවේ සිටිනා බවට ලැබුණ තොරතුර නිල තොරතුරක් නොවන බව පොලිසිය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අපරාධ කල්ලි සාමාජිකයන්වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නොහැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ තිබෙන නොහැකියාව නිසයි. අපරාධ කල්ලි සාමාජිකයන්ව මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනැවිත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙලා තිබෙනවා. කෙසේ නමුත් මෙම පතාල කල්ලි සමාජිකයන් ආණ්ඩුව සමඟ යම් ගනුදෙනුවක් තිබෙනවාදැයි කියන සැකය අපට මතුවෙනවා. කෙසේ නමුත් ගනේමුල්ල සංජිවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන ඉෂාරා සෙව්වන්දිව තවමත් සොයා ගැනිමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගත් බව කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගත් බව කියනවා. ඒ වගේම අපරාධ කල්ලි සාමාජිකයන්වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ සිටිනවා යැයි කියනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පිළිතුරක් ලබාදේවි යැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිවරු කෘෂිකර්මාන්තය විනාශ කරමින් සිටිනවා. ඒ වගේම ගොවි ජනතාව සමඟ ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ වර්තමාන නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා අද සොයාගැනීමටත් නොහැකි බව ගොවි ජනතාව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ගොවින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ හෝ මේ හරහා හොද ගවයින් ලංකාවට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම රටේ ගොවිජනතාව අමතක නොකර ඔවුන් ලබාදුන් පොරොන්දු වහාම ඉටු කරන්න මැදිහත්වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව 2024 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා රුපියල් බිලියන 1352 ක් ණය ලබාගෙන තිබෙනවා. ඒ වගේම 2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් බිලියන 500 ක් ණය ලබාගෙන තිබෙනවා. මේ මාස 9 තුළ රුපියල් බිලියන 1852 ක් දේශිය ණය ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට ණය ලබාගෙන ආණ්ඩුව රටට කරපු දේවල් මොනවාද? කෙසේ නමුත් අනුර මීටරය කොතරම් දුරට වැඩ කරාවිද කියලා අපි බලාගෙන සිටිනවා. ඒ වගේම ඇමරිකානු තිරු බදු ප්‍රතිපත්තිය පිළිබඳව පාර්ලිමේන්තු ආරම්භක සැසිවාරයේ සිට සමගි ජනබලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම ඇමරිකාව සමඟ රාජ්‍යතාන්ත්‍රිකව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙන ආණ්ඩුවට දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම ඇමරිකාව ලංකාවට පැනවු තිරු බද්ද සියයට 30 දක්වා අඩු කළ බව රජය උජාරුවෙන් ප්‍රකාශ කරනවා. නමුත් ලංකාව සමඟ තරගකාරිව සිටින අනෙකුත් රටවල් මෙම තිරු බද්ද අඩු කරගැනීමට තවදුරටත් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා තිරු බද්ද අඩු කරගැනිම සම්බන්ධයෙන් නැවත ඇමරිකාව සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇගලුම් ක්ශ්‍රේත්‍රයේ ඉහළින් සිටන වියට්නාමයට ඇමරිකානු තිරු බද්ද අඩු කරගැනීමට අඩු කර ගැනිමට හැකි වී තිබෙනවා. ඒ වගේම ඉන්දියාවත් විශාල ප්‍රමාණයකින් ඇමරිකානු තිරු බද්ද අඩු කරගැනීමට හැකි වී තිබෙනවා. කෙසේ නමුත් ඇගලුම් ක්ශ්‍රේත්‍රයේදී ලංකාව සමඟ තරග කරන රටවල් කිහිපයක්ම ඇමරිකානු තිරු බද්ද අඩු කරගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවශ්‍ය වන සහාය උපරිමයෙන් ලබාදෙන්න සමගි ජනබලවේගය සූදානම්. ඒ වගේම රට විනාශ කරන්න අපට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම පක්ෂයේ වෙනසක් සිදුවන බව විවිධ පුවත් පළවී තිබෙනවා. නමුත් පක්ෂයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ. ඒ පිළිබඳව කළමනාකරණ කමිටුවේදීවත් කිසිදු සාකච්ඡාවක් සිදුවුණේ නෑ. කෙසේ නමුත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්ව එකතු වී සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම විවිධ මඩ ප්‍රචාර එල්ල කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වර්තමාන ආණ්ඩුව වෙනස් කිරීමට තමයි අපි සියලු දෙනා කටයතු කරමින් සිටින්නේ. ඒ වගේම පක්ෂයක් ලෙස වෙනස් වී , ශක්තිමත් වී , විපක්ෂයෙන් සියලු කණ්ඩායම් සමඟ එකතු වී ආණ්ඩුව ගෙදර යවන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා ජයග්‍රහනය කළේ අපේ බෙදිම් නිසයි. අපේ කඳවුරු දෙකට කැඩි අපෙක්ෂකයින් දෙදෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් තමයි යම් පසුබෑමකට ලක්වෙන්න සිදුවුණේ. එසේ නොවුනානම් ජනතා විමුක්ති පෙරමුණට තවමත් සියයට 3 ක ඡන්ද ප්‍රතිශතයක් තමයි තිබෙන්නේ. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියල්ල ඒකරාශි කරගෙන ඉදිරි මැතිවරණ ජයගන්න අපි කටයුතු කරනවා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img