*මහා ජනවරමක් ලැබූ මාලිමා රජය අද ජනවරමට පිටුපා රනිල් වික්‍රමසිංහ සරණ යෑම ඛේදවාචකයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගතකරන එකඟතා සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරණ ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී සභාව කල් තබන විවාදයට එක්ව යෝජනාවක් ඉදිරිපත් කළේය.එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් රජය මේ වෙනුවෙන් ගත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ ස්ථාවරයද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් IMF එක හා ණය කරුවන් සමග ඇති කර ගත් ගනුදෙනු ක්‍රියාත්මක වන්නේ ජන වරම අනුවද එසේ නොමැතිවද කියා දැන ගැනිමට අවශ්‍ය බවත්ය.එසේම වත්මන් රජය ද අනුගමණය කරන්නේ රනිල් වික්රමසිංහලාගේ ගිවිසුම බවත් එය තවදුරටත් රහසක් නොවන බවත් එය ජනවරම පාවා දි උල්ලංඝනය කිරීමක් බවත් ජනතාව සමග ඇති කර ගත් සුවිශේෂී සමාජ ගිවිසුම ද උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.*මේකද ආණ්ඩුවේ සුජාතභාවය*සභාවේ වගවීම, සුජාතභාවය හා සහකම්පනය ගැන කතා කළත් ජනතාව දුන් වරම විනාශ කිරීම නව සංස්කෘතියද කියා ප්‍රශ්න කරන බවත් විජිත හේරත්, අනුර කුමාර මැතිතුමා මේ සභාවේ අයිඑම්එෆ් ගිවිසුමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී විරුද්ධය ජන්දය දුන් බවත් එදා එදා මොවුන් මේ ඇස්බැන්දුම් ගිවිසුම් දැඩි ලෙස එදා හෙළා දැක්කත් අද එය අනුමත කර ඇති බවත් එදා සභාවේ IMf ගිවිසුම විවේචනය කළත් අද එය පිළිගෙන ඇත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*රටේ හරිහමන් පාලනයක් නැ*නිවැරදි රාජ්‍ය පාලනයක් නොමැති වීම මීට හේතුව බවත් ඉක්වදෝරය ඝානාවට දිනාගත හැකි වු දේවල් අපිට ලබාගත නොහැකි වී ඇති බවත් මේ නිසා විදුලි බිල 1/3 අඩු වී නොමැති බවත් තෙල් මිල ද අඩු වී නැති බවත් ජනවරමක් ලබා දුන් මේ රජය මේවා කරනකම් ජනතාව බලා සිටින බවත් වැඩිහිටි ජනතාවගේ ඉතිරිකිරීම් ගිණුමට 15%ක පොලියක් දුන්නත් එය ද තවමත් කප්පාදු වී ඇති බවත් එම පොලිය රනිල් වික්‍රමසිංහලා අඩු කළ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් වත්මන් රජය අඩු කර ඇති බවත් පොහොර සහනාධාරයත් තවමත් හරිහැටි ලැබි නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරත් පැවසීය.බඩු මිල අඩු කරනතුරු ජනතාව අපේක්ෂාවෙන් සිටියත් බඩු මිල වැඩි වී බඩු හිගයක් ද ඇතිව තිබෙන බවත් බදු සුත්රයටත් අත්ව ඇත්තේ ඒ ඉරණම බවත් වැට් බදු ආදිය අඩු කරනවා කිව්වත් තවම එය සිදු නොකර ඇති බවත් එයට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විශාල ජනවරමක් ලබා ගත් මාලිමා රජය රනිල් වික්‍රමසිංහලා ඇති කර ගත් ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියත්මක කිරීම කණගාටුවට කරුණක් බවත් මෙය යුගයේ ඛේදවාචකයක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටක් පැවසීය.https://youtu.be/jeOXVJOe2ZE?si=Rq6r61cDn4fVgThC






















