මාවනැල්ලේ ස්ථාන කිහිපයක බුදුපිළිමවලට හානි සිදුකිරීම වෙනුවෙන් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (08) විභාගයට ගත් නඩුව නොවැම්බර් 16 වනදා දක්වා කල්තබන බව සභාපති විනිසුරු ජගත් ඒ කහඳගමගේ මහතා ප්රකාශ කළේය.
2018 වර්ෂයේ දෙසැම්බර් මස 26 හෝ ආසන්න දිනකදී මාවනැල්ලේ ස්ථාන කිහිපයකදී බුදු පිළිම කිහිපයකට කිසියම් පිරිසක් හානිකර තිබිණ.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්ය බුද්ධි සේවය සහ මාවනැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනවලදී දිවයිනේ විවිධ ප්රදේශවලින් සැකකරුවන් විශාල ප්රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරුවන් 16 දෙනෙකුට විරුද්ධව අධි චෝදනා ගොනුකිරීම සඳහා අදාළ ගොනුව නීතිපතිවරයා වෙත යොමුකෙරිණ.
චූදිතයන් 16 දෙනෙකු වෙනුවෙන් ගොනු කළ අධි චෝදනා 21ක් අද චුදිතයන් වෙත භාරදීමට අද නියමිතව තිබිණ.
සැකකරුවන් අතරින් 14 හා 16 සැකකරුවන් දෙදෙනා කොවිඩ් ආසාදිතව ප්රථිකාර ලබන බව රජයේ අධිනිතිඥවරයා විනිසුරු මඩුල්ල හමුවේ ප්රකාශ කළේය.
චූදිතයන් හතර දෙනෙකු වෙනුවෙන් නීතිඥයන් පෙනිසිටි අතර කෑගල්ලේ කිසිදු නිතිඥයකු මෙම නඩුව සඳහා පෙනි සිටියේ නැති බව අප වාර්තාකරු පැවසීය.
අනතුරුව අධිකරණයේ පෙනි සිටි චුදිතයන් 14දෙනාට නීතිපතිවරයා විසින් අධිචෝදනා 21 යටතේ ගොනුකර තිබු චෝදනා භාරදීම සිදුවිය.






















