Friday, September 11, 2026
HomeNEWSමැතිවරණය පැවැත්වෙන දිනය අද කියයි

මැතිවරණය පැවැත්වෙන දිනය අද කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද (03) ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.

මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කෙරුණි.

අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පවතින තත්ත්වය පිළිබඳ සමාලෝචනයන් සිදුකර ඇත.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ රටේ පවතින මූල්‍ය තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයන්ට පැමිණීමෙන් අනතුරුව එම කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවය.

අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සාකච්ඡා කිරිමට නියමිත අතර දහවල් වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයට එරෙහිව කාරක සංඝ සභාවල මූලිකත්වයෙන් දැඩි පියවර ගත යුතු බව සඳහන් කරමින් ජාතික භික්ෂු පෙරමුණ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත සංදේශයක්ද භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img