මැතිසබය තුළ ගැටුම් දෙකක් නූලෙන් වැළකේ.
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයේදී ආණ්ඩු පක්ෂයේ හා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවීමට ගිය ගැටුම් දෙකක් නූලෙන් වැලකී ඇත .නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යම්කිසි ගැටුමක් ඇති වීමට ගොස් එය වැළකී ඇති අතර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සහ තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇතිවීමට ගිය ගැටුම සමථයකට පත්කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසිනි.






















