Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsමැනිං වෙළෙඳුන්ගේ උපවාසය අවසන්

මැනිං වෙළෙඳුන්ගේ උපවාසය අවසන්

මැනිං වෙළෙඳුන්ගේ උපවාසය අවසන්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය අද (11) දහවල් අවසන් කර තිබේ.

ඒ උපවාසයේ නිරත මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් කිහිප දෙනෙකුට විෂයභාර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීමත් සමගය.

පසුගියදා විවෘත කෙරුණු පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාව ඊයේ (10) කොටුවේ දී උපවාසයක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් අද පැවති සාකච්ජාවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ,“මැනිං වෙළෙඳපොලේ දැනට සිටින සෑම වෙළෙඳෙකුටම අලුත් වෙළෙඳපොලේ ඉඩ ලැබෙන්න ඕනෙ. කිසිකෙනෙකුට කඩයක් නොලැබී යන්නට බැහැ. ව්‍යාපාරය කරන කෙනෙකුට. දෙවැනි කාරණය තමයි මේ වෙළෙඳපොලේ සිටින සෑම කෙනෙකුටම තමුන් දැනට සිටින ඉඩ ප‍්‍රමාණයට වඩා වැඩි ඉඩ ප‍්‍රමාණයක් ලැබෙන්නට ඕනේ කියන එක. එතකොට ඒ කඩ වෙන්කිරීමේදී පහුගිය දවස්වල මේ ව්‍යපාරික ප‍්‍රජාව ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරලා මාව දැනුවත් කළා. ඒ අනුව ඔවුන් සමගත් සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහසුත් අරගෙන අපිට පුළුවන් වුණා ඉතාමත්ම ප‍්‍රායෝගිකව විසඳුමකට එන්නට. ඒ නිසා මම මේ වෙලාවේ මම ස්තූතිවන්නත වෙනවා මැනිං වෙළෙඳපොලේ මේ ව්‍යාපාරික මහතුන්ට අපිට සහයෝගය දුන්න එකට.“ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img