අමතක වූ මිනිස් වර්ගයාගේ ගැලවුම්කරු
ඔහු වෝල්දිමාර් හොෆ්කයින් නම් විය. 1860 වසරේ යුක්‍රේන යේ උපන් හොෆ්කයින් ලෝකයේ මිනිස් වර්ගයා විවිධ රෝග වලින් බේරාගත් උතුම් පුද්ගලයෙකි.
1890 දශකය වනවිට ඉන්දියාව කොලරා රෝගය හේතුවෙන් දැඩිලෙස අසරණ වී සිටියේය. ඔහු 1894 කල්කටා නගරයට පැමිණියේ එක අරමුණක් ඇතිවය. ඒ කොලරා රෝගය සඳහා එන්නතක් හඳුන්වාදීමටයි.
ඔහු සත්ව විද්‍යාඥයෙකි. එසේම රුසියානු යුදෙව්වෙකි. ඒ හේතුවෙන් හොෆ්කයින්ට සිය එන්නත හඳුන්වාදීම පහසු නොවීය. බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින්ගෙන් සහ ඉන්දීය ජනතාව ඊට විරෝධය දැක්වීය.
නමුත් කල්කටා නගරයේ කොලරාව පැතිරයාමත් සමගම ඔහුගේ සේවය ලබාගැනීමට එහි මහජන සෞඛ්‍ය නිලධාරියෙක් කටයුතු කළේය.
එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් හොෆ්කයින්, සිය එන්නත අත්හදා බැලීය. ගම්වාසීන් එන්නත ලබාගැනීමට පැකිලෙන විට ඔහු ප්‍රසිද්ධියේ එම එන්නත තමාට ම විද ගත්තේය.
එමගින් ජනතාව තුළ එන්නත්කරණය ගැන විශ්වාසය ඇතිකිරීමට ඔහු සමත්විණි.
ඉන් වසර කිහිපයකට පසු කොලරාව ට එන්නත් ප්‍රචලිත කිරීම වෙනුවට මහාමාරිය රෝගයට සුදුසු එන්නතක් සෙවීමේ කාර්යය ද ඔහු මත පැවරිණි.එයද සාර්ථක විය.
ඒ හේතුවෙන් මරණයෙන් බේරුණු මිනිස් ජීවිත ගණන දස දහස් ගණනකි. එහෙත් ලෝකයට අද ඔහු අමතකය.






















