Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි හත ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන  70,720,317කි. මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ 1,588,437ක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 49,148,338ක් පූර්ණ සුවය ලබා ඇත.

ඊයේ (10) දිනයේදීත් අමෙරිකාවෙන් ආසාදිතයින් 200,718 ක් වාර්තාවිය.

එරට දෛනික මරණ ගණන 2,872ක් ලෙසින් දැක්වු අතර සමස්ත මරණ ගණන 299,692කි.

මේ අතර ලක්ෂය ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් රෝහල්ගතකිරීමත් සමග අමෙරිකාවේ රෝහල්වලින් 200ක් උපරිම ධාරිතාවට පැමිණ තිබේ.

විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ එරට රෝහල්වලින් තුනෙන් එකක දැඩි සත්කාර ඒකක සියයට 90ක් දක්වා කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවය.

අමෙරිකාවෙන් පසු ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ ඉතාලියෙන් වාර්තාවූ අතර එය 887 කි.

මෙක්සිකෝවෙන් මරණ 781ක්, බ්‍රසීලයෙන් 769ක්, රුසියාවෙන් 562ක්, ජර්මනියෙන් 529ක්, බ්‍රිතාන්‍යයෙන් 516ක් හා ඉන්දියාවෙන් මරණ 487ක් ඊයේ වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img