Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsමැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින් ඇරඹූ මාරාන්තික උපවාසය තවදුරටත්

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින් ඇරඹූ මාරාන්තික උපවාසය තවදුරටත්

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින් ඇරඹූ මාරාන්තික උපවාසය තවදුරටත්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය අද (11) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (10) පෙරවරුවේ කොළඹ කොටුවේදී එම උපවාසයක් ආරම්භ කළේය.   
  
ඊයේ පස්වරුව වනතුරුත් ඔවුන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මාරන්තික උපවාසයක් ආරම්භ කිරීමට වෙළෙඳුන් කටයුතු කළේය.

එම ගැටලුව සම්බන්ධයෙන් අද පෙරවරු 10.00 වනවිට විෂයභාර අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තම උපවාසයට සහය පළ කිරීමට අපෙක්ෂාවෙන් සිටින බව මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාවේ භාණ්ඩාගාරික, නිමල් අත්තනායක මහතා සඳහන් කර සිටියේ, “අපි පාරට බැස්ස මිනිස්සු නෙමෙයි. මේ ප්‍රශ්නේ තවත් දිග්ගැසෙනවා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අපේ පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ පුළුවන් තරම් ඉක්මනට විවෘත කරලා දෙන්න. අපි අක්කර තුනහමාරක ඉතාම සතුටින් වෙළෙඳාම කරගෙන ගියා. ඒත් අක්කර දහතුනාමාරක පෙට්ටි කඩයක් හදලා පොඩි පෙට්ටි කඩයක් ද අපිට ලබා දෙන්නේ? “ යනුවෙනි. 

මේ අතර මෙලෙස කණ්ඩායම් වශයෙන් රැස්වී විරෝධතා පැවැත්වීම කොවිඩ් වෛරසය ව්‍යාප්තියට අවස්ථාවක් වනු ඇති බැවින් එවැනි කටයුතුවලින් බැහැරවීමට අවධානය යොමු කිරීම වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img