Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsමිනුවන්ගොඩ ආසාදිත පොකුර 7000ට ළංවෙයි

මිනුවන්ගොඩ ආසාදිත පොකුර 7000ට ළංවෙයි

මිනුවන්ගොඩ ආසාදිත පොකුර 7000ට ළංවෙයි

ඊයේ (30) දිනය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 633කි. ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද (31) උදෑසන වන විට 6,946 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙක් එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 5,905 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව අද උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 6ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 12ක් මෙරටට පැමිණ ඇත.

අද දිනය තුළ දී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 508 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සමස්ථ පිරිස 60,079කි.

අද දිනය වන විටත් ත්‍රිවිධ හමුදාව පිසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 60ක් තුළ පුද්ගලයින් 5,760 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ දී මෙරට පීසීආර් පරීක්ෂණ 12,106ක් සිදුකර ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 502,669ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img