මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 4000 ඉක්මවා යයි
ඊයේ (24) දිනයේදී කොවිඩ් -19 ආසාදිතයින් 368 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබුණි.
එලෙස හඳුනාගැණුනු 368 දෙනාගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්ය වෙළෙඳපොලේ ආශ්රිතයින් වන අතර 24 දෙනෙකු ධීවර වරායන් ආශ්රිතව සහ 37 දෙනෙකු නිරෝධායන මධ්යස්ථානවලින් හඳුනාගත් පිරිස ය.
මේ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්යාලව 4050 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්යාව 7521 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
සමස්ථ ආසාදිතයින්ගෙන් 3714 දෙනෙකු පුර්ණ සුවයලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්ය අමාත්යාංශය පෙන්වා දෙයි.
ආසාදිතයන් 3792 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්යාහව 15කි.
කෙසේවෙතත්, රට සම්පුර්ණයෙන් වසා දැමීම කොවිඩ් -19 වෛරස ව්යාප්තිය වැළැක්වීම සඳහා එකම විසඳුම නොවන බව සෞඛ්ය අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.






















