Friday, July 17, 2026
HomeNEWSමියන්මාරය ශ්‍රී ලංකාවට ස්තුති කරයි.

මියන්මාරය ශ්‍රී ලංකාවට ස්තුති කරයි.

මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවට ස්තුති කරයි.මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට විශේෂ ස්තූතියක් පළ කළේ ය. ඒ මියන්මාරය ආශ්‍රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ අද (02) පෙරවරුවේ අමාත්‍ය විජිත හේරත් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගනිමිනි.භූ කම්පනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් මියන්මාරයට යැවීමට දැක් වූ උනන්දුව, හදිසි සහන සහ මානුෂීය ආධාර මියන්මාරයට ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීම පිළිබඳව ද ශ්‍රී ලංකා රජයට සහ මහජනතාවට Than Swe මහතා මෙහිදී කෘතවේදය පළ කළේ ය.භු කම්පනයෙන් පසු මියන්මාරයේ සිදුව ඇති විනාශයෙන් ඉක්මණින් මිදීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සියවස් ගණනාවක සිට මිතුරු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව සැදී පැහැදී සිටින බවත් මෙම දුරකතන ඇමතුමේ දී අමාත්‍ය විජිත හේරත් මහතා නැවත වරක් මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයාට තහවුරු කළේ ය.සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img