Thursday, July 16, 2026
HomeNEWSකටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි.

​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු මෙන්ම ‘පිය එමීර්වරයා’ (Father Amir) ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) තුමාණන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දින (ජූලි 15) කටාර් තානාපති කාර්යාලයේ ශෝක ප්‍රකාශන පොතෙහි අත්සන් තැබීය.

​ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහිදී විශේෂ ශෝක ප්‍රකාශ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අභාවප්‍රාප්ත පිය එමීර්වරයා කටාර් රාජ්‍යය නවීන දියුණුවේ ප්‍රදීපාස්තම්භයක් බවට පත්කළ දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බවයි. එතුමාගේ පාලන සමය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමටත්, අද වන විට දෙරටම භුක්ති විඳින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ ජනතාව අතර සබඳතා සඳහා ස්ථාවර පදනමක් දැමීමටත් ඉටුකළ සුවිශේෂී මෙහෙවර ශ්‍රී ලංකාව ඉමහත් කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරන බවද අමාත්‍යවරයා එහි සටහන් කර තිබේ.

​මෙම ජාතික ශෝකී අවස්ථාවේදී, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි උතුමාණන්, එරට රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම කටාර්හි සහෝදර ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා, අභාවප්‍රාප්ත පිය එමීර්වරයාගේ ආත්මයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img