මිනීමැරුම් හා මත්කුඩු ජාවාරම් චෝදනා මත දැනට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින කළුපේ අමිත් නමැත්තාට අයත් මීටියාගොඩ කලුපේ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක් පොලිස් විශේෂ කාර්යා බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (15) පරීක්ෂා කෙරුණි.
එහිදී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත බ්ලොක් 17 වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනුණු අතර එය යුධ හමුදා හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පමණක් භාවිත කරන විශේෂ වර්ගයේ ගිනිඅවියක් බව විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේය.
මීට අමතරව බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් හා එස්එෆ්ජී 87 වර්ගයේ ජීව බෝම්බ 02ක්ද මෙහිදී සොයා ගෙන






















