Saturday, August 22, 2026
HomeNEWSමීතොටමුල්ලකැලි කසල කන්ද අලංකාර උද්‍යානයක් බවට පත් කිරීමට සැලසුම්.

මීතොටමුල්ලකැලි කසල කන්ද අලංකාර උද්‍යානයක් බවට පත් කිරීමට සැලසුම්.

මීතොටමුල්ලකැලි කසල කන්ද අලංකාර උද්‍යානයක් බවට පත් කිරීමට සැලසුම්.

වසර ගණනාවක් තිස්සේ නිසිලෙස සංවර්ධනයකට ලක්නොවූ කොළොන්නාව නගරය නිවැරදිව සංවර්ධනය කිරීමට අදාල පියවර ගන්නා ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙයි.

ඒ අනුව කොළොන්නාව නගරය සංවර්ධනය කිරීමට අදාළ සාකච්ඡාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.

කොළොන්නාව නගරය කඩිනම් සංවර්ධන සැලසුමක් යටතේ සංවර්ධනය කිරීම සඳහා කළයුතු සියලු වැඩ ඇතුළත් ක්‍රියාකාරී සංවර්ධන සැලසුමක් ලිඛිතව තමාට ලබා දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා විසින් කොළොන්නාව සංවර්ධන කමිටුවට දැනුම් දෙන ලදි.

අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගිය දා බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවක දී කොළොන්නාව සංවර්ධන කමිටුවේ සම සභාපති සහ ආසන සංවිධායක අජිත් සුබසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකදී.

මෙහිදී අදහස් දැක්වූ අජිත් සුබසිංහ මහතා පවසා සිටියේ කොළොන්නාව නගරයේ ගැටළු රැසක් පවතින බවත් කඩිනමින් එම ප්‍රශ්න විසඳීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිට සහ කොළොන්නාව සංවර්ධන කමිටුවට එක්ව කටයුතු කරන ලෙසට ගරු අගමැතිතුමා විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් සංවර්ධනය කිරීමට නියමිත කොළොන්නාව නගරය සංවර්ධනය කිරීමේ කටයුතු  නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා,නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා ප්‍රකාශ කළේ ලේකම්වරයාට ලබා දෙන යෝජනාවලට ඇතුළත් කළයුතු සංවර්ධන කරුණු පිළිබඳව පළමුව පුළුල්ව ම සොයා බැලීම් සිදු කරන බවයි. 

“එම යෝජනාවලට ඇතුළත් කළයුතු මූලික කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා නම් සංවර්ධනය කළයුතු ඉඩම හඳුනාගැනීමෙන් අනතුරුව හඳුනාගත් ඉඩමේ සංවර්ධන සැලසුම අනුව එම ඉඩමේ හිමිකරුවන් හෝ පදිංචිකරුවන් හඳුනා ගැනීම. ඉන්පසු ඔවුන් වෙනුවෙන් ලබාදෙන සහන සහ ඉදිරි වැඩ අරඹන දිනයන් හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදු කරගෙන යාම කළ යුතුයි. නීත්‍යානුකූලව පවරා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් දක්වා මුදල් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දිය හැකියි. මේ සියල්ල සලකා බලා ලිඛිත ලියකියවිලි සමඟ ඉතා ඉක්මනින්ම අමාත්‍යාංශ ලේකම් හමුවීම වැදගත්. ඒ මුදල් අපිට ලබා දෙන්නේ සාර්ථක සැලසුම් මත පිහිටලා. සැලසුමක් කියන්නේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ දැනුවත් කරන වැඩපිළිවෙළක්. එය සම්පූර්ණයෙන් ම ප්‍රායෝගික විය යුතුයි.”

යනුවෙන් ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ය.

කොළොන්නාව ප්‍රදේශය සංවර්ධනය කිරීමට හඳුනාගත් සහ හඳුනා ගැනීමට යෝජිත සියලු ප්‍රශ්න මත පදනම්ව සංවර්ධන කටයුතු සිදු කළ යුතු බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා මෙහිදි ප්‍රකාශ කළේය. 

“නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධනය කර පවරා දුන් පොළ අසාර්ථක වීම, නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගත් ඉඩම්වල සිදු කරන අනවසර පදිංචි වීම්, අලුත් පදිංචිකරුවන් ගෙවල් ඉල්ලීම ප්‍රධානව තවත් මූලික ප්‍රශ්න ගණනාවක් මේ වන විටත් කොළොන්නාව ප්‍රදේශය සතුයි. පළමුව අනවසර පදිංචිකරුවන් සියලු දෙනා ඉවත් විය යුතුයි. අලුත් පදිංචිකරුවන් කිසිවෙකුටත් ගෙවල් ලබාදිය නොහැකියි. ගෙවල් දෙක බැගින් ලබා ගත් අය එය නිවැරදි කළ යුතුයි. අනු පවුල්වලටත් නිවාස ලබා දිය නොහැකි. දැනට පවුල් 68 ක් පමණ නව නිවාස ඉල්ලනවා. එයින් පවුල් 48 කට පමණයි නව නිවාස ලැබීමට සුදුසුකම් තියෙන්නේ. මීතොටමුල්ල කුණු කන්ද උද්‍යානයක් බවට පත් කර තිබුණත් එය තවත් සංවර්ධනය කර අලංකාර කළ යුතුයි. එය නාගරික උද්‍යානයක් බවට පත් පත්කිරීම තමයි නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණ වෙන්නේ. ඒ සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන අධිකාරියට හෝ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතුයි.ˮ

යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

කොළොන්නාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් ගොඩ නගන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට ඉල්ලීමක් ද ඉදිරිපත් විය.

මේ වන විට කොළොන්නාවේ ජනතාව ප්‍රශ්න රැසකින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව මෙම සාකච්ඡාව තුළ දී අනාවරණය විය. ඒ සඳහා සිදුකළ යුතු කාර්යයන් සහ ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු නව උපායමාර්ග සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවර්ධන සාකච්ඡාවට, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු එස්. මඩවල සහ කොළොන්නාව ආසන සංවිධායක සහ සංවර්ධන කමිටුවේ සම සභාපති අජිත් සුබසිංහ යන මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img