Wednesday, October 28, 2026
HomeNEWSමුතුරාජවෙල පරිසර විනාශය ට එරෙහිව විරෝධතාවයක්

මුතුරාජවෙල පරිසර විනාශය ට එරෙහිව විරෝධතාවයක්

මුතුරාජවෙල රක්ෂිතයේ කොටසක් ගොඩකරමින් විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පදවි කමිටුව අද (11) එම ප්‍රදේශයේ සාමකාමි විරෝධතාවයක් පැවැත්විය.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නිර්දේශය පරිදි මහජන ඒකරාශිවීම් සහ උද්ඝෝෂණ සිදුනොකරන ලෙස පොලීසිය දැනුම් දී ඇති පසුබිමකය.

මුතුරාජවෙල සුරකීමේ අගරදගුරු පදවි කමිටුව විසින් සංවිධානය කර තිබු එම විරෝධතාවය අද පෙරවරුවේ ආරම්භ වුයේ බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයෙනි.

ඊට බෝපිටිය සහ පමුණුගම ආශ්‍රීත මීසම් 17ක කතෝලික පියතුමන්ලා සහ ප්‍රදේශවාසින් සහය පළ කළේය.

මෙහිදි අදහස් දැක්වු අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර සිටියේ, මුතුරාජවෙල රක්ෂිතය සුරැකීම යනු රට සුරකිනවා හා සමාන වන බවය. 

එහිදී ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් රැගත් රථයක් ප්‍රදේශය පුරා විදී සංචාරය කිරීම සිදුකළ අතර රථය තම නිවෙස් ආසන්නයෙන් ගමන් කරන විට මාර්ගය දෙපසට එක්වු ප්‍රදේශවාසින් විරෝධතා පුවරු සහිතව සාමකාමිව විරෝධය දැක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img