2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.
2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 76 වන අයවැය ලෙසය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වේ.
පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,
“මේ තත්ත්වය විවිධ රටවලට විවිධාකාරයෙන් බලපෑවා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටවලට වඩා අපි වගේ රටවලට එල්ල වෙනවා. අපට උපයාගැනීමට තිබු ආදායම් අහිමිවෙලා.භාණ්ඩාගාරයට ලැබෙන ආදායම නොවී වුරු ලෙස අහිමි වෙලා. රු බි 500ට වැඩි අහිමිවෙලා. අපි ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම අභියෝගාත්මක සහිත කාලයයි. “
ගෝලීය අර්බුද 5ක් මැද මෙම අයවැය ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
එම ගෝලීය අර්බුද නම්,
පොහොසත් පුද්ගලයන් සහ සමාගම් වඩ වඩාත් දියුණු වීම සහ දුප්පතා තවත් දුප්පත් වීම
තිරසාර සංවර්ධනය අඩාළ වීම
ගෝලීය උෂ්ණත්වය ඉහළගොස් ස්වභාවික ආපදා වැඩිවීම
බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය සහය අඩු වීම
කොරෝනා නිසා බිහි වූ අර්තික ගැටළු






















