Tuesday, April 28, 2026
HomeNEWSමුදල් ලේකම් ධූරයෙන් යයි.. කළ සේවයට ජනපතිගෙන් විශේෂ ස්තුතියක්.

මුදල් ලේකම් ධූරයෙන් යයි.. කළ සේවයට ජනපතිගෙන් විශේෂ ස්තුතියක්.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අගදී සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය.අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරණ ලෙස වැඩ භාර ගනු ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවේදීය.ජනාධිපතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.“එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා.“එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේ දී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාතාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ දී එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය අපි අගයන්න ඕනේකම තිබෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img